Loading...

සේනක බටගොඩට ගීත 7ක් ගායනා කිරීම තහනම් වෙයි

කොළඹ වාණිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව ගීත 7ක් ගායනය කිරීම සම්බන්ධයෙන් වාරණය කරමින් වාරණ ආඥාවක් අද (02) නිකුත් කළා.

මෙලෙස මහාධිකරණය විසින් වාරණය කරනු ලැබු ගීත වනුයේ “අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පණක් තියෙනවා, හොඳම දේ සහ සැනසෙන්නම් මා” යන ඒවායි.

එම ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණ සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් බටගොඩ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

සියළු කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණයේ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබාදීමද මහාධිකරණය විසින් වාරණය කර තිබෙනවා.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිඳු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි හිමිකමක් වන බවත් බටගොඩ මහතා විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

මෙම නඩුව නැවත අප්‍රේල් මස 16 වනදා කැඳවීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *