හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම් නීතිඥ සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.
අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
පසුගිය කාලයේ නව ලංකා නිදහස් පක්ෂයක් සමඟ එතුමිය කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දෙනවා.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා, ” චන්ද්‍රිකා මැතිණිය නව ලංකා නිදහස් පක්‍ෂ කියලා එකක් හදාගෙන හාවෙක්ගේ පිට උඩ යමින් සිටියා. ඒ කාලයේ චන්ද්‍රිකා මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.
දුමින්ද දිසානායක මහත්මයම කියනවා නම් චන්ද්‍රිකා මැතිණිය දේශපාලන මණ්ඩලයේ නෑ කියලා එහෙම කෙනෙක්ට දේශපාලන මණ්ඩලයට උපදෙස් දිදීමට හැකියාවක් නෑ.
විවිධ ප්‍රකාශ කරන කණ්ඩායමේ මතය මොකක්ද යන්න රටම දන්නවා. රනිල් වික්‍රමසිංහ තරම් හොඳ ජනාධිපති කෙනෙක් මේ ලෝක නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා පැහැදිළිව කියන පසුබිමක් තුළ ඔවුන්ගේ ඉලක්කය කුමක්ද යන්න පැහැදිළි.”
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබෙනවා.
එම පක්ෂයේ අද (08) පැවැති විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම රැස්වීම සඳහා හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨයින් පිරිසක් එක්ව සිට තිබෙනවා.
Leave a Reply