එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියේ එම ආරක්ෂක වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි.
විශේෂයෙන් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 6000ක් පමණ යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply