Loading...

ශ්‍රීලනිප මුලස්ථානයේ ආරක්ෂාව තර කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු කරන්නේ තමා බවයි.

මේ අනුව යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියළු දෙනාට එක්වන ලෙස ආරාධනා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

එහි කලබලකාරී තත්ත්වයක් ඇති වේ යැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *