කල් දැමු උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පසුගියදා දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දා සිට දින 06ක කාලයක් උසස් පෙළ විභාගය කල් දීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ විභාග කාලසටහනේ සඳහන් පරිදි අද (04) දින සිට විභාග කටයුතු සිදු කෙරෙන බවයි.
මේ අනුව අද (04) සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මීට පෙර නිකුත් කළ කාලසටහන අනුව විභාගය පැවැත්වෙනු ඇති.
විභාගය පැවැත්වීමට නොහැකි දිනයන් සඳහා දෙසැම්බර් 21 වනදා දක්වා දෙසැම්බර් 31 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස්වරයා පැවසුවේ.
නව කාල සටහන දෙසැම්බර් මස 7 වනදා සෙනසුරාදා සියලු විභාග අපේක්ෂකයින් වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
මේ අතර තවදුරටත් මාර්ග අවහිර වී ඇති ප්‍රදේශවල දරුවන්ට ළඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගයට පෙනී සිටීමට හැකියාව පවතින බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply