සපුගස්කන්ද පිහිටි තෙල් පිරිහදුවේ ගෑස් සපයන නලයක අද (12) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ දැඩි වර්ෂාව සමඟ අද පස්වරු 4.30ට පමණ අකුණු සැර වැදීමෙන් මෙම ගිනි ගැනීම සිදුවූ බවයි.
කෙසේ වෙතත් සේවකයන් පැමිණ ගින්න සම්පුර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
පිරිපහදුවේ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට එම ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙන බවයි.
Leave a Reply