ආර්. සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ පුද්ගලයින් රැසක් සිය ශෝකය පළකර තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් X සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අඩසියවසකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය කළ ඔහු සියලුම ශ්‍රී ලාංකිකයන්ට සම අයිතිය ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවේ ප්‍රදීපයක් වූ බවයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබා තිබුණා.
ඔහුගේ අභාවය ලාංකික දේශපාලන ක්ෂේත්රයට දැරිය නොහැකි පාඩුවක් බවද ඔහු සිය සටහනේ සඳහන් කර තිබෙනවා.
මේ අතර සම්පන්දන් මහතාගේ අවමංගල්‍යය අවසන් කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය වෙත අදහස් පළකලා.
මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ හෙට (02) දිනය පුරාම ආර්. සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් තැන්පත් කර තබා පසුව එළැඹෙන බදාදා (03) දිනයේ දී ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත ගෙන යාමට නියමිතයි.
අනතුරුව එතුමාගේ දේහය ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමෙන් පසුව අවසන් කටයුතු සිදුකරන දිනය පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඔහු කියා සිටියා.
හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වී වුණා.
1933 පෙබරවාරි මස 5 වනදා උපත ලද ඒ මහතා මියයන විට 91 හැවිරිදි වියේ පසුවුණා.
සම්පන්දන් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1977 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.
තවද ඒ මහතා 2015 වසරේ සැප්තැම්බර් 3 වනදා සිට 2018 දෙසැම්බර් 18 වන දින දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
Leave a Reply