සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් ඊයේ (10) පෙරවරුවේ යාපනය උඩුපිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණත් අදාළ රැස්වීම අවලංගු කර තිබෙනවා.
එම ජනහමුවට සෙනඟ ගෙන්වා ගැනීමට නොහැකි වූ නිසාවෙන් පෙරවරු 10 සිට සංගීත කණ්ඩායමක් ගීත වාදනය කරමින් සිටින බවද වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ කෙසේ වෙතත් ඊයේ (10) මධ්‍යහනය වනතෙක් සෙනඟ රැස් කිරීමට සංවිධායකයන් අපොහොසත් වීම නිසා රැස්වීම අවලංගු කර ඇති බවයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ යාපනයේ පැවැති ජනහමුව දෙවන වරටද අවලංගු කර ඇති බව සඳහන්.








Leave a Reply