Loading...

සජිත් ඔයා ආණ්ඩුව ගන්න නෙමෙයි විපක්ෂ නායකකම බේරගන්න බලන්න – නියෝජ්‍ය ඇමති ටී.බී සරත්

දෙසැම්බර් වන විට මේ රටේ බලය අල්ලාගෙන ජනාධිපති වීමේ සිහිනයෙන් ඇහැරී ඒ කාලය වන විට තමන්ගේ විපක්ෂ නායකකම බේරා ගන්නට සැලසුම් කරන ලෙස නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී සරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යෝජනාවක් සිදුකරනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර පලාත් පාලන මැතිවරණය යටතේ ජාතික ජන බලවේගයෙන් පොළොන්නරුව ප්‍රාදේශිය සභාව සඳහා තරගවැදී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (28) පැවැති ජනහමුවකදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා,

“විපක්ෂයේ බොහෝ දෙනෙක් අපි කියන්නෙ බොරු කියල පච කියල කියනවා. හැබැයි අපි කියනවා අපි නෙමෙයි බොරු කිවුවෙ ඒ අය කියපුවා බොරු කියලා. සජිත් ප්‍රේමදාස මහත්තය කිවුවා අපි බලයට ආවොත් දළදා පෙරහැර නවත්වනවා කිවුවා. නාථ දේවාලෙ පෙරහැර නවත්වනවා කිවුවා. මුස්ලිම් අයගෙ රැවුල කපනවා කිවුවා. ඒවා දැන් එහෙම වෙලා තියෙනවද. අවුරුදු 16 කින් දළදා ප්‍රදර්ශනය තිබ්බා.

දැන් කියනවා පෝලිම වැඩියී, පහසුකම් නෑ,ලක්ෂ ගණනින් දළදා වහන්සේ බලන්න එනවා කියලා. එක එක දේවල් කියනවා. ඒ නිසා සජිත් කියපු බොරු වමාරන්න බැරිව ඉන්නවා.

කබීර් හීනෙන් දකිනවා සජිත් ප්‍රේමදාස දෙසැම්බර් මාසෙ මේ රටේ ජනාධිපති වෙනවා කියලා. මිනිහා රෑ දකින හීනෙ උදේ කොහෙට හරි ගිහිල්ලා කියෙනවා. විපක්ෂයට අද වෙලා තියෙන්නෙ ඔවුන් කිවුව බොරු සමාජයේ බොරු බවට පත් වීම.

ඒ වගේම දත් දොස්තර රාජිත සේනාරත්න කියනවා ඉන්දියාවයි පාකිස්තානයයි ගහන කොට අපේ රටේ ජනාධිපති බවට පත්වෙන්නෙ රනිල් වික්‍රමසිංහ කියලා. විපක්ෂයේ ඉන්න ඔක්කොම අද එකට පිස්සො බවට පත්වෙලා තියෙනවා.රෑ හීනෙන් දකින ඒවා පහුවදා කියනවා.

ගෝඨාභය රාජපක්ෂ අතේ තිබුණු බලය තමන්ගෙ යාලුව වෙච්ච රනිල් වික්‍රමසිංහට දුන්නට අපි මේ බලය ගත්තෙ කාටවත් දෙන්න නෙමෙයි. ඒ නිසා මේ අපි අතේ තියෙන බලය අපි ජීවිත තියෙනකල් බිද වැටෙන්න දෙන්නෙ නෑ. අපෙන් පස්සෙ එන පරම්පරාවත් මීට වඩා මේ රට හොදට පාලනය කරනවා. මේ බලය ගන්න සජිත් හැප්පිලා බලමු. අපිත් එක්ක හැප්පෙනකොට සජිත්ට තමන්ගෙ විපක්ෂනායකම විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නැතිවෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *