Loading...

තීරු බදු අඩුකර ගැනීම ගැන සජිත්ගෙන් සහ එජාපයෙන් ප්‍රසංසා

අමෙරිකාව මෙරට්ටා පැනවූ තීරු බදු අනුපාතය 20% දක්වා අඩු කිරීම ගැන සතුට පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිය X ගිණුමේ සටහනක් තබමින්.

ඉන්දියාවට 25%ක තීරු බදු අනුපාතයක් පනවන මොහොතක ශ්‍රී ලංකාව, බංගල්දේශය හා වියට්නාමයට 20%ක සමාන තීරුබදු අනුපාතයක් පනවා ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා.

විපක්ෂ නායක වැඩිදුරටත් සඳහන් කරන්නේ තවද අපේ අපනයනකරුවන්ට සැබෑ වාසියක් අත් කරදීමට නම් එම අනුපාතය 15% දක්වා අඩු කර ගැනීම සඳහා අමෙරිකාව සමඟ තවදුරටත් සාකච්ඡාවල නිරත විය යුතු බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන්ගේ එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවයි.

ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධව රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රසංශා කරන බවද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ පෙන්වා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *