Loading...

රුසියන් යුක්‍රේන සාම සමුළුව ඇරඹේ

රුසියානු යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙනවා.

රටවල් 90ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ සාම සමුළුවට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වුවද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන බවයි.

තවද රුසියාවෙන් පමණක් නොව චීනයෙන් ද මෙම සමුළුව සඳහා නියෝජනයක් ද සිදු නොවන බව සඳහන්.

මේ අතර රුසියානු ජනාධිපති පුටින්ට හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ට අදාළ සාම සමුළුවට ඇරයුම් කර නොමැති බවයි BBC පුවත් සේවය වාර්තා වන්නේ.

කෙසේ වුවත් රුසියානු ජනාධිපතිවරයා විසින් සාම සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් එම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළකර ඇති බවයි සඳහන් වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *