එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුර දිසානායක යන මහත්වරුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්පත් නාස්ති කිරීමක් බව සර්ව ජන බලය සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ මහතා කියා සිටියේ එම පක්ෂ තුනේ නම්වල කොටස් එකට එක්කර එක්සත් සමඟි බලවේගය නමින් පක්ෂයක් බිහිකර ඉන් එක් අපේක්ෂකයෙක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සුදුසු බවයි.
තමා මෙලෙස ප්‍රකාශ කිරීමට හේතු වුයේ ඔවුන් තිදෙනාගේම ප්‍රතිපත්ති සමාන නිසා වීම හේතුවෙන් බවත් ඔවුන්ගේ මේ එකම කැරට් අලය එක් අයෙක් සම්බෝලයට ද තවත් අයෙක් කිරිටද අනෙකා මිරිසට ද සකස් කර ජනතාවට කැවීමට සුදානම් බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
Leave a Reply