ගාල්ල අක්මීමන තලගහ ප්‍රදේශයේ දී බුස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් හිටපු බන්ධනාගාර නිලධාරීවරයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
61 හැවිරිදි බුස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.
මෙම බන්ධනාගාරයේ අධිකාරිවරයා පසුගිය වසරේ මාර්තු මස දී විශ්‍රාම ලබා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැත.
සිද්ධිය සම්බන්ධව අක්මීමන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Leave a Reply