තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන වන බව සමඟි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා පවසනවා.
සිය X පිටුවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවයි.
දිගින් දිගටම සිදුවන මැතිවරණ පරාජයන් හමුවේ දේශපාලනයේ තමන් ඉතා දුෂ්කර ගමනක් පැමිණි බවත් මෙතැන් සිට තම පවුල ගැන සිතීමට මෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩ කිරීමට කාලය එළැඹ ඇති බවට තමාට හැඟෙන බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.
ඔහු එම X සටහනෙන් පවසා ඇත්තේ මෙම තීරණය ඉතා පහසුවෙන් ගත් තීරණයක් නොවන නමුත් එය දැනට නිවැරදි තීරණයක් ලෙස හැගෙන බවයි
Leave a Reply