Loading...

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායකගේ නම ගැසට් කරයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ ගැසට් කර තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ අදාළ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කළ කිසිවෙක් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් අද (19) දිනයේ පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *