රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිට ශක්තියක් සහ සහයෝගය ලබාදෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ 27ක දේශපාලන දිවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමින්.
පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති අප අතහැර යන අවස්ථාවේ හැටියට රට බේරා ගැනීමට හැක්කේ රනිල්ට බවත් ඒ සහයෝගය අද දක්වා ඉදිරියටත් දක්වන බවත් ඔහු මෙහිදී කියා සිටියා.
මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණා.
Leave a Reply