Loading...

අනුරගේ වැඩක් ගැන රනිල්ගේ ප්‍රශංසාව

වර්ථමාන රජය IMF වැඩපිළිවෙලට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමා ජනාධිපතිවරයාට ප්‍රශංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අමාරි හෝටල් ජාලය සැලකෙන්නේ ශ්‍රී ලාංකික තනි ව්‍යවසායකයෙකුට අයත් කොළඹ පිහිටි තරු 5 පළමු ජාත්‍යන්තර හෝටලය ලෙසයි.

විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතා විසින් මෙහි හිමිකාරිත්වය දරනු ලබනවා.

මෙම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය විජිත හේරත් මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්මින් හිටපු ජනාධිපතිවරයා,

“මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න.

වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා.

මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *