2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ රැස්වී ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගෙන තිබුණා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යනුවෙනි.
Leave a Reply