එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා බොරු කාරයෙක් බව මහා මාර්ග සහ ජන මාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) හෝමාගම ප්‍රදේශයේ වැඩසටහනකට එක්වෙමින්.
ජනාධිපති ධුර කාලයේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට කිසිම යෝජනාවක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නොමැති බවද ඔහු කියා සිටියා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “නියත වශයෙන්ම මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එහි කිසිම වෙනසක් වෙලා නෑ. එහෙනම් ඕනෑම පුරවැසියෙකුට ඒ සම්බන්ධව අධිකරණයට යන්න පුලුවන්.
ජනාධිපතිතුමා ඉතාම පැහැදලිව කැබිනට් මණ්ඩලයට උපදෙස් දීලා තියනවා නියමිත ආකාරයට සියලු මැතිවරණ පවත්වන්න. මේ වර්ෂයේ තියන මූල්‍ය අවකාශය තුළ ජනාධිපතිවරණය පළමුවෙන්ම පවත්වන එක කිසිම සැකයක් නෑ.”
ප්‍රශ්ණය – එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ඊයේ ප්‍රකාශයක් කරමින් තම ධූර කාලය සම්බන්ධව කැබිනට් මණ්ඩලයෙන් විමසුවා කියලා. එහෙමද යෝජනාවක් ආවද?
“පල් බොරු. එවැනි දෙයක් කැබිනට් මණ්ඩලයට ඇවිත් නෑ… ”
Leave a Reply