Loading...

මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් 48ක් මිලට අරගෙන

මහ කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 48ක් මේ වන විට මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එහිදී සභාපති මංජුල පින්නලන්ද මහතා කියා සිටියේ මඩකලපුවෙන් මෙට්‍රික්ටොන් 15ක් සහ අම්පාරෙන් මෙට්‍රික්ටොන් 7ක් මිලදී ගෙන ඇති බවයි.

පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවලින් වී තොග ලැබීමට නියමිතව ඇති නමුත් වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය ඊට බාධා වී ඇති බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙවර මහ කන්නයේ දී වී මෙට්‍රික්ටොන් දෙලක්ෂ දස දහසක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පහසුකම් සලසා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ වී අළෙවි මණ්ඩලය සතු මධ්‍යස්ථාන 166ක් සූදානමින් පවතින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *