Loading...

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ඇරඹේ

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ විදුලිබල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදු කිරීමට නියමිත අතර ඊට පෙර මෙම මහජන අදහස් විමසීම සිදු කරන බවයි.

මේ අනුව අද (09) පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී වාචික මහජන අදහස් ලබා ගැනීමේ සැසිය සිදු කිරීමට නියමිතයි.

අද (09) දිනයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධන පිළිබඳව අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියෝජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙක් පමණ ලියාපදිංචි වී ඇති බවද එම කොමිසම සඳහන් කරනවා.

මහජන අදහස් විමසීම අවසන් වීමෙන් අනතුරුව ජුලි මස 15 වනදා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව අවසාන තීරණයට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *