Loading...

ඉරාන ජනපතිට මෙරටදී PSD ආරක්ෂාව

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා ලබන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සම්පුර්ණ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක ඒකකය වෙත භාරගෙන තිබෙනවා.

ඒ අනුව ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේ දී ජනාධිපති ආරක්ෂක ඒකකය සමීපතම ආරක්ෂාව සපයන අතරේ යුද හමුදා කමාන්ඩෝ බලකාය ඇතුළුව ත්‍රිවිධ හමුදා මඟින් අනෙකුත් ආරක්ෂාව සැපයීමට නියමිතයි.

මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණෙන ඉරාන ජනාධිපතිවරයා ප්‍රභූ සම්මාන උත්තමාචාර පෙළපාලි පවත්වා උමා ඔය වෙත රැගෙන ගොස් නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් සඳහා නැවත කොළඹට රැගෙන ඒමට නියමිතයි.

ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් හා ආරක්ෂක ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (18) පවත්වා තිබෙනවා.

මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළකර ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *