Loading...

වෙළඳ පරතරය අඩුකරන යෝජනාව හෙට ඉදිරිපත් කරනවා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

අමෙරිකානු නිර්දේශ පරිදි දෙරටේ වෙළෙඳ පරතරය අවම කර ගැනීම සඳහා වන යෝජනාවලියක් හෙට (08) වනදා පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී එරට බලධාරීන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (06) අනාවරණය කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) අමෙරිකානු නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“44%ක තීරු බදු පනවන්න පටන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපනයන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩවලින් 80-86% ක් අදාළ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය, ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර සැකසුම් නිෂ්පාදන, ආභරණ සහ තවත් දේ අදාළ වෙනවා. එකතුව 86%ක් බවට පත්වෙනවා. බදු පැනවීමත් සමග අපේ භාණ්ඩ තරඟකාරී බවින් ඉවත්වෙනවා. අපිට මොකක්ද කරන්න පුළුවන්? වෙළෙඳ පරතරය අඩුකරන්න අමෙරිකාව යෝජනා කළා. අපි අමෙරිකානු වෙළෙඳ නියෝජතයින් සමග රැස්වීමක් ගත්තා. වෙළෙඳ පරතරය අඩු කරන්න අපේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අවසාන යෝජනා ලබන අඟහරුවාදා අපි ඉදිරිපත් කරනවා.”

ප්‍රශ්නය – වියට්නාමය අමෙරිකාවට බදු 0% දක්වා අඩු කරලා තියෙනවා, අපෙත් එහෙම තීරණයක් තියෙනවාද?

“පොදු අනුපාතය 10%ක් කියලා අමෙරිකාව ඉදිරිපත් කළානේ. ඒ අමෙරිකාව ආනයනය කරද්දි අනුපාතය 20% හෝ අඩුනම්. 20%ක වගේ අනුපාතයක් සාකච්ඡා කරන්න පුළුවන්. පෙර සඳහන් කළ කාණ්ඩ 5ට විශේෂ අවධානයක් දෙනවා.”

ප්‍රශ්නය – ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය අතරතුර මේ ප්‍රශ්නයට විසඳුම් ඉන්දියාවෙන් රජය ඉල්ලා සිටියාද?

“අපි ඉල්ලීමක් කළා, සලකා බලනවා කියලා කිව්වා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *