වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගය පීඩා විදින බවට පළමු වරට මාධ්‍ය වෙත හෙළි කර තිබෙනවා.
BBC හරහා නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කළා.
ජනවාරි මසදී සිදුකළ උදරයේ ශල්‍යකර්මයෙන් පසු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු මත තමාට මේ වන විට කිමියෝ තෙරපි ප්‍රතිකාරවලට යොමුව ඇති බවයි කේට් කුමරිය එහිදී කියා සිටියේ.
බ්‍රිතාන්‍ය කිරීටයේ අනාගත උරුමකරුවන විලියම් කුමරුගේ බිරිඳ වනකේට් කුමරිය 42 හැවිරිදි වියේ පසුවනවා.
තම ප්‍රකාශයේ දී ඇය සඳහන් කළේ තමා පිළිකා රෝගියෙකු බව දැන ගැනීමෙන් විශාල කම්පනයක් වූ බවයි. තමන්ට හැකි ඉක්මණින් සුව තත්ත්වයට පත්වන බවට දරුවන් තිදෙනා තේරුම් කර දීමට තමාට කාලයක් ගත වූ බවද කේට් කුමරිය මෙහිදී කියා සිටියා.
වේල්සයේ කුමරිය පවසන්නේ ඒ සඳහා විලියම් කුමරු සහායට සිටීම ඇයට සුවපහසුවක් ගෙන දුන් බවයි.
මේ අතර කේට් කුමරියට ප්‍රතිකාර සඳහා ඉහළම සුදුසුකම් ලත් වෛද්‍ය කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව වාර්තා වනවා.
Leave a Reply