මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය පිළිබඳව ඇයගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් යොමු කළ ලිපිය තමා වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අද (07) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින්.
ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් අවශ්‍ය නම් අලුතින් නඩු පැවරීමට කටයුතු කරන බවත් යුක්තිය ඉටු කිරීමට රජය ගත හැකි සෑම නීතිමය පියවරක් ගන්නා බවත් ඇය මෙහිදී සඳහන් කළා.
“අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්.
ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි. මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන බවට මම ඇයට සහතික වෙනවා. නීතිපති කාර්යාලයට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබාදීලා තියෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමගත් පුළුල්ව සාකච්ඡා කළා.”
Leave a Reply