අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලබන 25 වනදා සිට 30 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශ ලී ජියැන්ග් ඊයේ (23) ප්‍රකාශ කළා.
ඒ චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මතයි.
දින 5ක නිල සංචාරයේ දී අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂි ජින්පින් මුණ ගැසීමටද නියමිතයි.
මෙහිදී දෙරටට සම්බන්ධයෙන් ද්වි පාර්ශවික කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කළේ.
Leave a Reply