Loading...

හයිලන්ඩ් නිෂ්පාදනවල මිල අඩු වෙයි

හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් 10කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගමේ පවසන්නේ මේ අනුව මේ දක්වා රුපියල් 80ට අලෙවි කළ හයිලන්ඩ් යෝගට් එකක නව මිල රුපියල් 70ක් බවයි.

ඊට අමතරව මිල්කෝ සමාගම මඟින් නිෂ්පාදන කරන දියවර කිරි වර්ගවල මිලද අඩු කර ජනතාවට සහන සලසා ඇති බවද සඳහන්.

මේ අනුව රුපියල් 225 අළෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ කල් තබාගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 200 දක්වා ද රුපියල් 200 ට අලෙවි කළ මිලිලීටර් 450 ප්‍රමාණයේ පැකට්ටුවක මිල රුපියල් 170 දක්වා සහ රුපියල් 440 ට මෙතෙක් අළෙවි කළ මිලිලීටර් 900 ප්‍රමාණයේ දියර කිරි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වා රුපියල් 60 කින් අඩු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *