Loading...

සිමෙන්ති කොට්ටයක මිල පහළට

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට මෙහිදී දැනුම් දී ඇත්තේ මෙමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පමණ අඩුවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *