Loading...

ජනපතිගේ චීන සංචාරය දෙරටම වැදගත් – චීන විදේශ අමාත්‍යාංශය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය දෙරටම ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව චීනය පවසනවා.

එරට පැවැති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක් කියා සිටියේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වනදා සිට 17 වනදා දක්වා චීන රාජ්‍ය සංචාරයක නිරත වන බවයි.

මෙම සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් පසුව චීනයේ සිදුකරන පළමු සංචාරය වනවා.

මෙම සංචාරය චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට ඉතා වැදගත් වනු ඇති බවද එම ප්‍රකාශිකාව මෙහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් ද හමුවීමට සැලසුම් කර තිබෙනවා.

විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ මිත්‍රත්වය ඉදිරියට ගෙන යෑමට මෙන්ම දේශපාලනික අවබෝධය ඉදිරියට පවත්වාගෙන යාමට සහ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වැදගත්වනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *