නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත් රුපියල් 230 සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (07) පැවැති සාකච්ඡාවකදීයි.
ඒ අනුව මේ සම්බන්ධව ඉදිරි දින 10 තුළ අවධානයෙන් කටයුතු කරමින් ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබෙනවා.
රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත් ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබාදීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියා.
ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබාදී ඇති බව සිහිපත් කළ ජනාධිපතිවරයා එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසුවා.
මේ අනුව සහල් මිල පහත පරිදිය,
නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.
තවද දිනපතා සහල් මිල වෙනස් කිරීම පිළිබඳව සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්ණ කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදුන්නා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියේ සහල් සම්බන්ධ ගැටළු රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙසයි.
Leave a Reply