ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අක්කරපත්තුවේ ජන රැළියකට එක්වෙමින්.
ඉන්දියාව, චීනය සහ එක්සත් අරාබියේ සංචාරය කර තිබෙන අතර සැප්තැම්බර්යේ දී ජපානයට එන්නැයි ආරාධනාවක් ලැබී තිබෙන බවද ඔහු මෙහිදී කියා සිටියා.
“පළමු වතාවට රට ගොඩනඟන ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා මීට පෙර හැදුනේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ගොඩනැගෙන ආණ්ඩු.
අප සැලකිය යුතු ප්‍රමාණයකින් මේ ආර්ථික අර්බුදය සමනය කරගෙන තිබෙනවා.ඩොලරය නිදියන විට තව අගයකුත් නැගිටින විට තව අගයකුත් ලෙස පැවතුණා.අද වන විට ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්නට හැකියාව ලැබී තිබෙනවා.
ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි. පොලී අනුපාතය 30-35% අගයකට ගියා.එය අද වන විට සියයට දහයකට වඩා අඩු අගයක තබාගෙන සිටිනවා.එය ආර්ථික ස්ථාවර බව පිළිබඳ සාධකයක් .
මෙරට විදෙස් ආයෝජන දාලා ගියා. විදේශ ආයෝජන නතර වුණා. ඉන්දීය ,ජපන්, චීන රජයන් ඔවුන්ගේ නතර කෙරුණු සියලු ව්‍යාපෘති නැවත ඇරැඹීමට තීරණය කර තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂාවෙන් කතා කරන නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා.වැටුප් වැඩි කරලා තියෙනවා. තවත් පහසුකම් දෙනවා.රාජ්‍ය සේවකයන්ට ඉතිහාසයේ වැඩිපුරම වැටුප් වැඩිවීම ලබාදී තිබෙනවා”.
Leave a Reply