මීට පෙර වසරවලදී මෙනම් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන අයුරු රුපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදු නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තීරණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරුන්මෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පවුලේ පිරිස සම්බන්ධ කරගෙන අවුරුදු නැකැත් ඉටු කිරීමේ අවස්ථාවන්වල රුපවාහිනී විකාශයන් ජනාධිපතිවරයාගේ තීරණයක් මත මේ වසරේ සිදු නොකරන බවයි.
තවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිත බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
Leave a Reply