අමෙරිකානු තීරු බදු බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ හෙට (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බවයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
මෙහිදී සභානායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ අද (09) උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙක් මෙම ගැටලුව සාකච්ඡා කිරීම සන්ධ ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බවයි.
Leave a Reply