Loading...

සිව්දින නිල සංචාරයක් සඳහා ජනපති අනුර අද චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රීයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා ජනවාරි 14 වනදා සිට ජනවාරි 17 වනදා දක්වා මෙම සංචාරයේ නිරත වනවා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිත තිබෙනවා.

තවද මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිව බව සඳහන්.

එරට ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරය අතරතුරදී දෙරට අතර ද්වී පාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අනුර කුමාර දිසානායක මහතා සිදුකරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *