Loading...

ජනපති අනුරගෙන් ලාෆ් ගෑස් සමාගමට නියෝගයක්

කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලාෆ් සමාගම වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ පසුගිය දින කිහිපය තුළ වෙළෙඳපොලේ ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට පළවූ වාර්තා පදනම් කරගනිමින්.

පසුගිය දින කිහිපයේ දී වෙළෙඳපොලේ ලාෆ් ගෑස් හිඟය පවතින බවට තොරතුරු වාර්තා වුණා.

ගෑස් රැගත් නෞකාවක් පසුගිය 19 වනදා දිවයිනට පැමිණි ඇති අතර තවත් ගෑස් නෞකාවක් හෙට (26) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලාෆ් ගෑස් සමගාමේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ඉදිරියේදී අඛණ්ඩව පාරිභෝගිකයන් වෙත ගෑස් සැපයුම සිදු කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *