ප්‍රමිතයෙන් තොර ඖෂධ මෙරටට ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (21) පැමිණ තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීමක් අනුවයි.
ඔවුන් අද (21) පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 11 වනදා දැනුම් දෙනු ලැබුවා.
හිටපු අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීම අනුව පැමිණ ඇත්තේ මේ අනුවයි.
මේ අතර හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
Leave a Reply