‘සහස්දනවි’ විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව විදුලිබල මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටියේ මෙම බලාගාරය ඉදිකිරිම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන බවයි.
මේ අනුව වසර 25කට පසු එම හිමිකාරීත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවද එහි දැක්වෙනවා.
ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වාසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් එය ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම අනුමතාකළ මෙගාවොට් 350ක මෙම බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසනවා.
විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනය.
Leave a Reply