Loading...

රුසියාවේ බලය යළිත් පුටින් යටතට

රුසියානු ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශිෂ්ඨ ජයක් හිමි කරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව 71 හැවිරිදි පුටින් 87%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇති බවයි.

මේ වන විට සමස්ථ ඡන්ද ප්‍රතිඵලවලින් 60% ප්‍රකාශයට පත්ව ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරි වසර 6ක රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට පුටින්ට හැකියාව ලබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවටද ඔහු පත්වෙනවා.

රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 15 වනදා ආරම්භ වූ අතර එය ඊයේ (17) අවසන් වුණා.

කෙසේ වෙතත් පුටින්ගේ ජය තහවුරු වුයේ ජනාධිපතිවරණයට විපක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *