Loading...

තැපැල් සේවකයිනුත් වර්ජනයක් අරඹයි

තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මෙම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 4 සිට ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

තවද අනෙක් සියලු තැපැල් කාර්යාලවල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.

තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *