Loading...

රාජ්‍ය සේවය ලෙඩ වෙයි

රාජ්‍ය සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති 200කට අධික ගණනක් අද (08) සහ හෙට (09) දිනයේ හිදී අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, තැපැල්, මිනින්දෝරු, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතයි.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න මහතා සඳහන් කළේ.

මේ අතර ඊයේ (07) පස්වරු 4 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහයෝගය පළ කරමින් තැපැල් සේවකයින් ද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

තවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද (08) දිනයේ සේවයට වාර්තා කළත් හෙට (09) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වන විට තීරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *