ජාතික පද්ධතියට සවිකර ඇති සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස සිදුකරන ලද දැනුම් දීමට අනුව බොහෝ පිරිසක් ඊට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කරන්නේ ජාතික විදුලි පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී එය පැහැදිලි වන බවයි.
කෙසේ වෙතත් තවත් පිරිසක් මේ දක්වාත් සූර්ය පැනල ක්‍රියා විරහිත කර නොමැති අතර ඒවාද ඉක්මණින් ක්‍රියා විරහිත කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් ද සිදු කරනවා.
එම මණ්ඩලය පවසන්නේ ඇතැම් පාරිභෝගිකයින් මෙම සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම කණගාටුවට කරුණක් බවයි.
උත්සව සමයේ විදුලි ඉල්ලුම අඩුවී ඇති බැවින් පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂාව කිරීම සඳහා වහල මත සවිකර ඇති සුර්ය පැනල තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අනුව අද (13) සිට එළැඹෙන අප්‍රේල් 21 වනදා දක්වා දින 09ක කාලයක් පස්වරු 3 දක්වා සුර්ය පැනලා ජාතික පද්ධතියෙන් ඉවත් කරන ලෙස විදුලිබල මණ්ඩලය අදාළ පාර්ශවයන් වෙත දැනුම් දීමට පියවර ගනු ලැබුවා.
විදුලිබල මණ්ඩලය සඳහන් කළේ විදුලි ඉල්ලුම අඩු වීම හේතුවෙන් ජාතික පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යයතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවයි.
මේ අතර සුර්ය පැනල ක්‍රියා විරහිත කිරීම සඳහා ඇතැම් පාරිභෝගිකයින් බියක් දක්වන බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කරන්නේ එය ක්‍රියා විරහිත කිරීමට කිසිඳු ආකාරයකින් බියක් ඇති කරගත යුතු කාරණයක් නොවන අතර සූර්ය පැනල අඛණ්ඩව ජාතික පද්ධතියට සවිකර තිබීම බිය දනවන සුළු කාරණයක් වී ඇති බවයි.
විදුලි ඉල්ලුම අඩුවන අවස්ථාවලදී සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ පමණක් සිදු නොවන කරුණක් බව පෙන්වා දෙන ලංකා විදුලි බල මණ්ඩලය එය ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවලද සිදු කරන කටයුත්තක් බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.
Leave a Reply