එළැඹෙන මහ මැතිවරණයට තමා ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
තමා වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවද ඔහු එහිදී කියා සිටියා.
අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය සඳහා මහජන නියෝජිතයෙකු නොමැති වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානය හෙවත් ප්‍රඥා පුරවරයක් බවට පත් කිරීම සඳහා තමා සියල්ලු සිදුකළ බවයි.
ඒ සම්බන්ධව තමා සතුටු වන බවද ඔහු ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි වසර කිහිපයේ දී තවත් ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනුමේ කටයුතු සිදුකරන අතර සිනමා නිර්මාණයක් කිරීමටත් අදහස් කරමින් සිටින බවයි.








Leave a Reply