Loading...

,

ගුරු විදුහල්පතිවරු විරෝධතාවයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු විදුහල්පතිවරු විරෝධතාවයක සෙරමික් මංසන්ධියේ දී පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අමතරව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළා.

මෙහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

මෙම විරෝධතාවය හේතුවෙන් කොටිව ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක මේ වන විට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *