Loading...

සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

පොලිස් නිලධාරියෙක් නිවසක ඇතුළු වී එහි කාමරයක දොරකට පයින් පහරදී එය විවෘත කර ගැනීමට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය වනවා.

අදාළ සිදුවීම පිළිබඳව පැහැදිලි කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙම සිදුවීම නෙල්ලිඅඩි පොලිස් වසමේ ඇතිවූ සිදුවීමක් බවයි.

මේ අනුව 2025.03.24 වන දින නෙල්ලිඅඩි පොලිස් වසමේ වෙම්බඩි ප්‍රදේශයේ බලපත්‍ර නොමැති ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් කුඩා එළ ගව පැටියෙකු මරා මස් කිරීමක් සම්බන්ධව නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඇති බව සඳහන්.

මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු නිවසේ කාමරයක් තුළට දිව ගොස් කාමරයේ දොර වසා දොර අඟුල් දමාගෙන ඇති බව වාර්තා වනවා.

සැකකරු කාමරය තුළ රැඳී සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කාමරයේ අඟුල් දමා තිබූ දොර විවෘත කිරීමට නිලධාරියෙකු විසින් දොරට පා පහරවල් කිහිපයක් එල්ල කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *