Loading...

මහින්දානන්ද සහ රාජපක්ෂ මන්ත්‍රීවරුන් අතර සිදුවූ ගැටුම ගැන පොලිස් විමර්ශන ඇරඹේ

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර වූ ගැටුම සම්බන්ධයෙන් සිද්ධිය සිදුවන අවස්ථාවේදී එතන සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කොටුව පොලීසිය තීරණය කර තිබෙනවා.

මේ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම් දීමට ඊයේ (05) පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කටයුතු කර ඇති බව සඳහන්.

පසුගිය සඳුදා පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පියාට පහරදීමක් සිදුකළ බව ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත්‍රයා විසින් කොටුව පොලිසීයට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ලට අනුව කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (05) දිනයේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගුණතිලක රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද වාර්තා වනවා.

අදාළ ප්‍රකාශයෙන් පසුව සිදුවීම සිදුවූ ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කොටුව පොලීසිය විසින් සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *