මෙරට ධාවනයට තහනම් කර ඇති අධි ධාරිතාවයකින් යුත් 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනෙක් මුල්ලේරියාව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව පුගොඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි අයෙක් බවයි.
මුල්ලේරියා පොලිස් කණ්ඩායමක් ඊයේ (09) විශේෂ රාජකාරියක යෙදී සිටියදී ලද තොරතුරකට අනුව සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කරන අවස්ථාවේදීයි මෙම යතුරු පැදි කොටස් සොයාගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
Leave a Reply