Loading...

ක්‍රිස්තු දේවස්ථානයට වෙඩිතැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට

මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩි තබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (18) රාත්‍රී 7ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඒ සම්බන්ධව මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේ දී මොහු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව වාර්තා වනවා.

තවද වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචි සැකකරුවෙකි.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව තිබෙනවා.

සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණි විපරම් කර බැලීමෙන් පසුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව සඳහන්.

මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමඟ තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බව සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *