Loading...

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් පොලිස් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙක් මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (27) දහවල් මෙලෙස විරෝධතාවයක නිරත වුණා.

ඊට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් ද ඊට එක්වී තිබුණා.

මෙහිදී නියෝජිතයින් 8 දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටිමින් විරෝධය දැක්වුවා.

මේ අතර සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ උද්ඝෝෂණය සහ පාගමන පිළිබඳව පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබුණා.

ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් අධිකරණය විසින් නිකුත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *