Loading...

මත්වී සිරිපා වන්දනාවේ පැමිණි 14 පොලිස් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයින් 14 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් සතුව තිබී අයිස්, ගංජා, මිශ්‍ර මදන මෝදක සහ දුම්කොළ මිශ්‍ර මාවා සොයාගත් බවයි.

නල්ලතන්නිය, මස්කෙළිය, පොල්පිටිය, නොර්ටන් බ්‍රිජ්, ගිනිගත්හේන සහ නෝර්වුඩ් පොලිස් ස්ථානවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස 25ත් 40ත් අතර පසුවන අතර එම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *