පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තමාට පහර දුන් බවට කළ පැමිණිල්ල පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඉල්ලා අස් කරගෙන ඇති බව වාර්තා වනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය ජුනි 3 වනදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී මහින්දානන්ද අලුත්ගමගේ සිය පියාට පහර දුන් බවට ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත්‍රයා විසින් ද ප්‍රකාශ කළා.
තවද තම පියාට සිදුකළ පහර දීම පිළිබඳව මහින්දානන්දට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු මෙහිදී ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් මහින්දානද අලුත්ගමගේ මහතා විසින් කරන ලද පහරදීම හේතුවෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයට පැය තුනක සැත්කමක් කිරීමට සිදුව තිබුණා.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසියට ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත්‍රයා විසින් පැමිණිල්ලක් ද සිදු කරනු ලැබුවා.
පොලීසියට ලද පැමිණිල්ල මත විමර්ශන ආරම්භ කළ කොටුව පොලීසිය සිදුවන අවස්ථාවේදී අසල සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
මේ අතර පහරදී තමන්ට තුවාල සිදුකළ බවට ජනමාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගිය මස 14 වැනිදා කියා සිටියා.
Leave a Reply